ආජන්ම මන්ද තයිරොයිඩතාවයට හේතු මොනවාද ?


    මේ සඳහා විවිධ හේතු තිබේ.
    • තයිරොයිඩ් ග්‍රන්ථිය උපතින්ම නොපිහීටීම හෝ එය නිසි පරිදි වර්ධනය නොවීම හෝ අසාමාන්‍ය ස්ථානයක පිහිටීම.මෙවැනි දරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය නියමිත පරිදි ක්‍රියා නොකරන අතර දේහයට අවශ්‍ය ප්‍රමාණයට තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට එය අපොහොසත් වේ. උපතේ සිට තයිරොයිඩ් ග්‍රන්ථිය අහිමි ළමුන්ගේ දේහය තුල හෝමෝන සූලු ප්‍රමාණයක්වත් නිපදවන්නේ නැත.

    • ප්‍රවේණිගත හේතු ආජන්ම මන්ද තයිරොයිඩතාවයට ජානවල සිදුවන ප්‍රවේනිගත වෙනස්කම් බලපායි.මෙවැනි දරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණවත් තරම් වර්ධනය වී අතිමුත් තයිරොක්සීන් හෝමෝනය ප්‍රමාණවත්ව නිපදවන්නේ නැත.මෙම තත්වය ආජන්ම මන්ද තයිරොයිඩතාවයෙන් පෙලෙන ළමුන්ගෙන් 15% කගේ පමණ තිබිය හැක.

    • මවගේ අයඩීන් ඌනතාවය මව ගර්භනී සමයේ අයඩීන් ඌනතාවයෙන් පෙලෙන විට කුස තුල වැඩෙන දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියද තයිරොක්සීන් හෝමෝන ප්‍රමාණවත් තරම් නිපදවීමට අපොහොසත් වේ.මෙවනි දරුවන් බොහෝවිට ආජන්ම මන්ද තයිරොයිඩතාවයෙන් උපත ලබයි.මෙම තත්වය බහුලව දැකිය හැක්කේ අයඩින් අඩංගු අහාර ප්‍රමාණවත් තරම් නොගන්නා ප්‍රදේශ වලයි.

    • මවගේ තයිරොයිඩ් රෝග තත්ව හා ඒ සඳහා ලබා ගන්නා ඖෂධ .